ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ අයෙක් කටුනායකදී අත්අඩංගුවට

Wednesday, 09 March 2016 - 8:18

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට ගොස් පිටුවහල් කර මෙරටට පැමිණි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

31 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරු අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලීසිය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories