ආසියාකරය මොහොතකට අඳුරුවු හැටි ඔබත් දුටුවද?

Wednesday, 09 March 2016 - 8:30

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%94%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%AF%3F
මිලියන සංඛ්‍යාත ආසියානුවන් අද අලූයම් කාලයේ පූර්ණ සූර්යග්‍රහණයක් අත්දැකීමට සමත් වුණා.

සඳ ඍජුවම සූර්යයා පසු කරන මොහොතේ මෙලෙස හිරු එළිය මුළුමනින්ම ආවරණය වීම හොඳින්ම දර්ශනය වී ඇත්තේ ඉන්දුනීසියාවටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලූයම 4.50ට පමණ මෙම සූර්යග්‍රහණය දර්ශනයවීම ආරම්භ වී තිබෙනවා.

ජාත්‍යන්තර දින රේඛාවේ පිහිටීම අනුව එය ඉදිරි පැය කිහිපය තුළ හවායි දිවයින පසුකර යාමෙන් අවසන් වනවා.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට සූර්යග්‍රහණය දර්ශනය වී ඇත්තේ අද පෙරවරු 6.50ට පමණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහෙත් ආසියාකරයේ අනෙකුත් රටවලට මෙන් ශ්‍රී ලංකාවට එය හොදින් දර්ශනය වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories