සීදුවේ සමාජශාලාවකදී තරුණයෙකු ඝාතනය කෙරේ

Wednesday, 09 March 2016 - 12:46

%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සීදුව - ලියනගේමුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලියනගේමුල්ල ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

මොහු තවත් මිතුරෙකු සමඟ අදාළ රාත්‍රී සමාජ ශාලාවට ගොස් තිබෙනවා.

එහිදී රාත්‍රී සමාජ ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරියෙකු මෙම පහරදීම සිදුකර ඇති බව සදහන්.

සිද්ධිය පිළිබදව පොලිස් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර අදාළ රාත්‍රී සමාජ ශාලාවේ තිබූ සීසි ටීවී කැමරා දර්ශන පිළිබදවයි එහිදී අවධානය යොමු වී ඇත්තේ.

මෙම තරුණයාට සමාජ ශාලාව තුළ දී පහර දී පසුව ඉන් පිටතට රැගෙන විත් තිබූ බව සදහන්.

තරුණයා පොලූ පහරකට ලක්ව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මොහු සීදුව රෝහලට පළමුව ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මිය ගොස් ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories