රේගුවට හරි මග පෙන්වන්න කමිටුවක්

Thursday, 10 March 2016 - 7:42

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

දෙපාර්තමේන්තුවේ ඵලදායීතාව වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම එහි අරමුණයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

රේගු වෘත්තීය සමිති ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු සම්බන්ධයෙන් එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා.

අදාළ ගැටළුවලට ලබාදිය හැකි විසඳුම් උපරිමයෙන් ලබාදීමට පියවර ගන්නා බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories