හිමිනමගේ මරණය ඝාතනයක් බවට සැක

Saturday, 12 March 2016 - 7:45

%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
අකුරැස්ස - මාරඹ - ඉලූක්වත්ත - ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී සැකයක් මතු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උන්වහන්සේ විහාරස්ථානයේ මුළුතැන්ගෙය තුළ ඝාතනයට ලක්වී ඇති බවයි.

හිමියන් මිය ගොස් සිටි ස්ථානයට ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක් ද දක්නට ලැබී තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත අපවත් වී තිබූ විහාරාධිපති හිමිනමගේ දේහය ඊයේ දහවල් සොයා ගත්තා.

මෙලෙස අපවත් වී ඇත්තේ ඉලූක්වත්ත ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පල්ලේකුඹුරේ ධර්මකීර්ති සීලවිමල හිමියන්.

63 හැවිරිදි වියේ පසුවූ උන්වහන්සේ විහාරස්ථානයේ වැඩ වාසය කර ඇත්තේ තනිවමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories