තිරිඟු පිටි මිළ ඉහළට

Saturday, 12 March 2016 - 9:42

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ප්‍රීමා තිරිඟුපිටි මිල කිලෝග්‍රෑමයකට රුපියල් 7යි 20 බැගින් අද සිට ඉහළ නංවා තිබෙනවා.

ඒජන්තවරුන්ගේ කොමිස් මුදල් ඇතුළුව ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 7යි ශත 50කින් පමණ ඉහළ යනු ඇති.

වෙළඳපළේ තිරිඟුපිටි කිලෝග්‍රෑමයක් මේ වන විට රුපියල් 90කට අලෙවි වන අතර නව මිල රුපියල් 97යි ශත 50ක් වනු ඇති බවයි අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළේ.

ආනයනික තිරිඟු ඇට සඳහා ඉහළ බදු මුදලක් පැනවීම හේතුවෙන් මෙලෙස ප්‍රීමා තිරිඟුපිටි මිල ඉහළ නැංවීමට සිදුවූ බව සමාගමේ උසස් නිලධාරියෙකු සදහන් කළා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 8කින් පමණ අවප්‍රමාණ වීම ද මෙලෙස තිරිඟුපිටි මිල ඉහළ නැංවීමට හේතු වූ බවයි ඔහු කියා සිටියේ.
 
තිරිඟු පිටි මිල ඉහළ නැංවීමත් සමඟ පාන් මිලෙහි වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන්නේ දැයි අප බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධනගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ඒ අනුව පාන් මිල අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවන බවයි.

එහෙත් පාරිභෝගික සතිය මාර්තු 14 වන දා සිට 20 වන දා දක්වා යෙදී ඇති බැවින් තම සංගමය ඒ පිළිබදව පසුව තීරණයකට එළඹෙන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories