දංකොටුව සිද්ධිය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 7ක්

Saturday, 12 March 2016 - 12:35

%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A
දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ දී ගිනිගෙන විනාශ වූ වෑන් රථයක තිබී හමුවූ මළ සිරුරු 5 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අදාළව පුද්ගලයන් 20 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ සිද්ධිය පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් 7ක් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී මෙම වෑන් රථය දංකොටුව පොලිසිය ඊයේ අලූයම සොයා ගත්තේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි.

ජන ශුන්‍ය ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට අදාළ වෑන් රථය පැමිණ තිබුණේ ඊයේ අලූයම 2 ත් 5 ත් අතර බවටයි පොලිසියට තොරතුරු ලැබී තිබුණේ.

ගිනිගෙන විනාශ වූ වෑන් රථය තුළ තිබී හඳුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී තිබූ මළ සිරුරු 5ක කොටස් ද සොයා ගත්තා.

පසුව ඊයේ දහවල් එම ස්ථානයට පැමිණි මාරවිල මහේස්ත්‍රාත් පසන් අමරසිංහ, මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ පිළිස්සී මිය ගොස් සිටි පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ පවත්වා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

මෙම මළ සිරුරු කාගේ ද යන්න තවමත් අනාවරණ වී නැහැ.

මොවුන් ඝාතනය කර වෑන් රථයේ දමා මෙම ස්ථානයට රැගෙනවිත් ඊට ගිනිතබා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. වෑන් රථය තිබූ ස්ථානයේ මීට පෙර ද ඝාතන කිහිපයක් සිදුව තිබෙනවා.

දැනට සිදුකළ පරීක්ෂණවලදී  අනාවරණ වී ඇත්තේ මෙම වෑන් රථය කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බවටයි.

ඇය එම වෑන් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයට කුලී පදනම මත ලබාදී තිබෙනවා.

පසුව අදාළ සමාගම විසින් කල් බදු ක්‍රමයට වාහන ලබාගෙන හිඟ වාරික ඇති වාහන අත්පත් කර ගන්නා ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන මාකඳුර - කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත ලබාදී ඇති බවට හෙළිදරව් වුණා.

සෙනරත් කපිල බණ්ඩාර හෙවත් නේවි කපිල ලෙස හඳුන්වන එම පුද්ගලයාගේ බිරිඳ ඊයේ වෑන් රථය ගිනිගත් ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔහුට එරෙහිව මිනී මැරුම් සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වන බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

එමෙන්ම තම දියණිය අපයෝජනයට ලක් කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories