අස්ගිරි මහනාහිමිට අවසන් ගෞරව දැක්වීමට අදත් මහ සෙනගක් නුවරට

Saturday, 12 March 2016 - 12:55

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7
අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අද දිනයේත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වනවිට අස්ගිරි මහා විහාරයේ පවර උපාලි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර ඇති අතර මහානාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සදහා මැති ඇමතිවරුන්ට අමතරව විදේශීය තානාපතිවරුන් ද පැමිණෙන බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

අද දිනයේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

අපවත්වී වදාළ අස්ගිරි මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරු දෙකට මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර සියලූම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කිරීමට කටයුතු කරන ලෙසයි රජය දැනුම්දී ඇත්තේ.

මේ අතර හෙට දිනයේදී මහනුවර නගරයේදී විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මීට අමතරව මහනුවර නගරයේ සියලූම සුරාසැල්, මස් අලෙවිසැල් සහ සිනමා ශාලාද හෙට දිනයේ වසා තැබෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories