අස්ගිරි මහ නාහිමි දැයෙන් සමුගන්නා අද ජාතික ශෝක දිනයක්

Sunday, 13 March 2016 - 6:55

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පැවැත්වෙනවා.

ඒ අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී දේහය මේ වනවිට අස්ගිරි මහා විහාරයේ පවර උපාලි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර ඇති අතර මහානාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සදහා අතිවිශාල පිරිසක් ගත වූ දින කිහිපය පුරා එහි පැමිණියා.

 අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර සියලූම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුම් දුන්නා. එසේම අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි.  

අද අවසන් ගමන් යන අස්ගිරි මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමියන්ගේ ජීවන ගමන් මඟ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories