උතුරු කොරියානු සබ්මැරීනයක් අතුරුදන්

Sunday, 13 March 2016 - 7:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් පැවැත්වූ විශාලතම යුද අභ්‍යාසයේ නිරතවද්දී උතුරු කොරියානු සබ්මැරීනයක් අතුරුදන්වී ඇති බව වාර්තාවනවා.

එය ගිලී ඇතැයි විශ්වාස කෙරෙන අතර අතුරුදන්වූ සබ්මැරීනය උතුරු කොරියාව විසින් සොයන ආකාරය තමන් නිරීක්ෂණය කළේ යැයි ඇමරිකාව ප්‍රකාශ කළා.

දකුණු කොරියාව සහ ඇමරිකාව සිදුකරන යුද අභ්‍යාසය සම්බන්ධයෙන් උතුරු කොරියාව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.

ඒ තම රට ආක්‍රමණය කරන බවට යම් සලකුණක් ඇතිවුවහොත් පළමුව ප්‍රහාරයක් එල්ල කරන බවටයි.

උතුරු කොරියානු න්‍යෂ්ටික අවි, ප්‍රහාරයකට සූදානම් කරන ලෙස එරට නායක කිම් ජොං අන් පසුගියදා සිය හමුදාවලට දැනුම්දුන්නා.

කෙසේ වුවත් හදිසියේම උතුරු කොරියානු සබ්මැරීනයක් අතුරුදන්වීම සහ දකුණු කොරියානු යුද අභ්‍යාසය අතර සම්බන්ධයක් පිළිබඳව තොරතුරු හෙළිවී නැහැ.

ඇමරිකාව ප්‍රකාශ කරන පරිදි උතුරු කොරියාව විවිධ ප්‍රමාණයේ සබ්මැරීන 70 ක් පමණ සිය නාවික හමුදාවේ සේවයට යොදාගනු ලබනවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories