සිංගප්පූරුවේදී මෙරට ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක්

Sunday, 13 March 2016 - 7:51

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
දකුණු ආසියාවේ සීග්‍රතම වර්ධනයක් ලබන රටක් ලෙස ආයෝජකයන් ආකර්ශනය කරගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ලබන අඟහරුවාදා සිංගප්පූරුවේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ලෙස නම් කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහනට ජාත්‍යන්තර නියෝජිතයන් රැසක් සහභාගි වනු ඇති.

මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් මෙන්ම කලාපීය සහ ආයතනික ආයෝජන සමාගම්වල නියෝජිතයන්ද ශ්‍රී ලංකා ආයෝජන සමුළුවට සහභාගිවීමට නියමිතයි.

සමුළුවේ සමාරම්භක දේශනය මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිදුකරන අතර, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ද සමුළුව ඇමතීමට නියමිත බව සඳහන්.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories