උතුරට වඩා දකුණට සංහිඳියාව අවශ්‍යයි

Sunday, 13 March 2016 - 8:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාතික සංහිඳියාව පිළිබඳ දැනුවත් විය යුත්තේ උතුරේ ජනතාවට වඩා දකුණේ ජනතාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනය තෙලිප්පලෙයි සහ කෝපායි ප්‍රදේශවල ජනතාවට සිය ඉඩම්වල අයිතිය යළි ලබාදීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

දකුණේ ඇතැම් අන්තවාදී පිරිස් රජයට එරෙහිව විවේචන එල්ල කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය නැවත ලබාදෙමින් ඔවුන්ට මුල් ගම්බිම්වල පදිංචි කරවීම රජයේ ප්‍රමුඛ කාර්යක් බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

තෙලිප්පලෙයි සහ කෝපායි ප්‍රදේශවල ඉඩම් අක්කර 701 ක් ඊයේ එම ජනතාවට පවරාදීම සිදුකෙරුණු අතර ඔවුන්ට එම අයිතිය හිමි වුයේ වසර 26 කට පසුවයි.

එමෙන්ම යුද සමයේ ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගත් තෙලිප්පලෙයි නඬේස්වරා මහා විද්‍යාලයේ සහ කනිෂ්ඨ විද්‍යාලයේ හිමිකම් පත්‍ර එම විදුහල්පතිවරුන්ට භාරදීම ද මෙහිදී සිදුකෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories