UPDATE: මාකඳුර සති පොළේ ලේ පැල්ලම් දංකොටුව ඝාතනයට සම්බන්ධයි ?

Sunday, 13 March 2016 - 9:03

UPDATE%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7++%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92+%3F
පන්නල - මාකඳුර සති පොළේ තිබූ ලේ පැල්ලම් දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේදී වෑන් රථයේ තිබී හමුවූ ඝාතනය කළ පුද්ගලයන් 5 දෙනාගේ දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සති පොළෙහි ගොඩනැගිලි කිහිපයක බිම ලේ පැල්ලම් දක්නට ලැබෙන බව අද උදෑසන සතිපොලේ වෙළදුන් කිහිප දෙනෙකු පන්නල පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඉන් අනතුරුවයි ඒ පිළිබඳව පන්නල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් 5 දෙනා ලේ පැල්ලම් තිබෙන මාකඳුර සති පොළට ද රැගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බවයි පන්නල පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

දංකොටුව - කොස්හේනවත්ත ප්‍රදේශයේ ජනශූන්‍ය ප්‍රදේශයක ගිනිගෙන විනාශ වූ වෑන් රථයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරු 5 ක් සොයා ගැනුනේ පසුගිය 11 වනදායි.

මුලදී අදාළ මළ සිරුරු හෝ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ අතර, පසුව වෑන් රථය කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බවට සොයාගැනුනා.

ඇය එම වෑන් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයට කුලී පදනම මත ලබාදී තිබෙනවා.

පසුව අදාළ සමාගම විසින් කල් බදු ක්‍රමයට වාහන ලබාගෙන හිඟ වාරික ඇති වාහන අත්පත් කර ගන්නා ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන මාකඳුර - කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත ලබාදී ඇති බවට හෙළිදරව් වුණා.

පොලියට මුදල් ලබාදෙන පුද්ගලයෙකු මෙන්ම තවත් නීතිවිරෝධී ව්‍යාපාර කිහිපයකම නිරතවන අයෙකු වන මෙම පුද්ගලයාට මිනීමැරුම් සහ කොල්ලකෑම් කිහිපයකම සැකකරුවෙකු වනවා.

ඔහු නමින් දංකොටුව ප්‍රදේශය්ම පදිංචි සෙනරත් කපිල බණ්ඩාර හෙවත් නේවි කපිලයි.

මෙම පුද්ගලයා දංකොටුව ප්‍රදේශයේම කිහිපදෙනෙකුගෙන්ම කප්පම් ඉල්ලා පසුගිය මාස කිහිපය තුළ නිරන්තරයෙන් තර්ජනය කර තිබෙනවා.

මෙම තර්ජනවලින් පීඩාවට පත්වූ පුද්ගලයන් කිහිපදෙනෙකු නේවි කපිල දංකොටුව ප්‍රදේශයට පැමිණෙන තෙක් බලා සිට ඔහු පැමිණි වෑන් රථයට මෙලෙස ගිනි තබා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

නේවි කපිල සමඟ වෑන් රථය තුළ සිටි ඔහුගේ හිතමිතුරන් සිව්දෙනෙකුද මෙහිදී මියගොස් තිබෙනවා.


Update : Sunday, March 13, 2016 21.54
-------------------------------------------------

දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේදී වෑන් රථයේ තිබී හමුවූ ගිනි තබා ඝාතනය කළ පුද්ගල මළ සිරුරු 5 සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දක්වා ලැබී ඇති තොරතුරුවලට අනුව කප්පම් සිද්ධියක් මත මෙම ඝාතන සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.  

දංකොටුව - කොස්හේනවත්ත ප්‍රදේශයේ ජනශූන්‍ය ප්‍රදේශයක ගිනිගෙන විනාශ වූ වෑන් රථයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරු 5 ක් සොයාගැනුනේ පසුගිය 11 වනදායි.

මුලදී අදාළ මළ සිරුරු හෝ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ අතර පසුව වෑන් රථය කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බවට සොයාගැනුනා.

 ඇය එම වෑන් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයට කුලී පදනම මත ලබාදී තිබෙනවා.

පසුව අදාළ සමාගම විසින් කල් බදු ක්‍රමයට වාහන ලබාගෙන හිඟ වාරික ඇති වාහන අත්පත් කර ගන්නා ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන මාකඳුර - කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත ලබාදී ඇති බවට හෙළිදරව් වුණා.

පොලියට මුදල් ලබාදෙන පුද්ගලයෙකු මෙන්ම තවත් නීතිවිරෝධී ව්‍යාපාර කිහිපයකම නිරතවන අයෙකු වන මෙම පුද්ගලයාට මිනීමැරුම් සහ කොල්ලකෑම් කිහිපයකම සැකකරුවෙකු වනවා.

ඔහු නමින් දංකොටුව ප්‍රදේශය්ම පදිංචි සෙනරත් කපිල බණ්ඩාර හෙවත් නේවි කපිලයි.

මෙම පුද්ගලයා දංකොටුව ප්‍රදේශයේම කිහිපදෙනෙකුගෙන්ම කප්පම් ඉල්ලා පසුගිය මාස කිහිපය තුළ නිරන්තරයෙන් තර්ජනය කර තිබෙනවා.

මෙම තර්ජනවලින් පීඩාවට පත්වූ පුද්ගලයන් කිහිපදෙනෙකු නේවි කපිල දංකොටුව ප්‍රදේශයට පැමිණෙන තෙක් බලා සිට ඔහු පැමිණි වෑන් රථයට මෙලෙස ගිනි තබා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

 නේවි කපිල සමඟ වෑන් රථය තුළ සිටි ඔහුගේ හිතමිතුරන් සිව්දෙනෙකුද මෙහිදී මියගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා තමන් ඝාතනය සිදුකළ බවට ප්‍රකාශයක් ලබාදී ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories