ගොන්නොරුව රක්ෂිතයේ මුවෙකු මැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

Sunday, 13 March 2016 - 11:38

%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හම්බන්තොට - ගොන්නොරුව රක්ෂිතයේ මුවෙකු දඩයම් කර මස් සඳහා විකුණමින් සිටි පුද්ගලයෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත්තේ ගොන්නොරුව ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

උගුලක් අටවා මෙලෙස මරාදැමූ මුවාගේ සම සහ ශරීර කොටස්ද වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

 මේ දිනවල පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් සතුන් ජලය සොයා සිඳී ගිය කුඩා වැව් අසලට පැමිණෙන නිසා එම ස්ථානවල උගුල් අටවා දඩයම් කිරීම බහුලව සිදු කෙරෙන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories