චීන හමුදා පාකිස්ථානයට

Sunday, 13 March 2016 - 13:47

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
චීනයේ සිට මධ්‍යම ආසියාව තෙක් පාකිස්ථානය හරහා වැටී ඇති ගොඩබිම් සේද මාර්ගය ආරක්ෂා කිරීම සඳහා චීන හමුදා පාකිස්ථානයේ යොදවන බවට ආරක්ෂක සේවා ආයතන දැනුම්දී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

පාකිස්ථානයේ බලූචිස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ගෞඩාර් වරායේ සිට චීනයේ ෂින්ජියෑං ප්‍රාන්තය දක්වා මෙම ආර්ථික ගමන්මග වැටී තිබෙනවා.

මේ හරහා ඉදිරිකර ඇති අධිවේගී මහා මාර්ගය ආරක්ෂා කිරීම සඳහා චීන හමුදාවේ බලඇණි තුනක් පමණ යොදවනු ඇතැයි සඳහන්.

ඒ සෑම බල ඇණියක්ම සෙබළුන් දහසකගෙන් පමණ සමන්විතයි. ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ චීන හමුදා තම දේශසීමාව ආසන්නයටම පැමණීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories