මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය අභාවප්‍රාප්ත වෙයි

Monday, 14 March 2016 - 7:14

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් මහනුවර මහ රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල අද අලූයම අභාවප්‍රාප්ත වුණා.

1939 අගෝස්තු මස 14 වනදා උපත ලද ඇය මියයනවිට 76 වන වියේ පසුවුණා.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සඳහන් කළේ අද පෙරවරු 9 න් පසුව ඇයගේ දේහය මධ්‍යම පළාත් සභාව වෙත රැගෙන එන බවයි.

පස්වරු හතර දක්වා එහි මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙන අතර  ඉන් අනතුරුව දේහය රත්නපුර පිහිටි ආණ්ඩුකාරවරියගේ පෞද්ගලික නිවස වෙත රැගෙන යාමට නියමිතයි. අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කර තිබෙනවා.

ඇය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්ද එල්ලාවලගේ බිරිඳ වන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවලගේ මෑණියන්ද වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories