පුත්තලම කලාප අධ්‍යක්ෂවරයාට බැන වැදුණු පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට

Thursday, 17 March 2016 - 14:05

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් විජේසිංහට බැන වැදී පහරදීමට උත්සාහ කළ බව කියන වයඹ පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ටී.එම්.තාහීර් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (17) දහවල් පළාත් මන්ත්‍රීවරයා නීතිඥවරුන් මාර්ගයෙන් පුත්තලම පොලිසියට ඉදිරිපත්වීමෙන් පසුවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (16) පස්වරුවේ පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණ තමන්ට බැන වැදී පහරදීමට උත්සාහ කළ බවට අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

අදාළ පළාත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය සහ විදුහල්පති සංගමය පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවයකද නිරත වුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories