89ක් එල්ලන්න නියෝගයක්

Friday, 18 March 2016 - 13:38

89%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පුද්ගලයින් 89 දෙනෙකු සදහා මරණ දඩුවම  ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබෙනවා.  මෙලෙස දඩුවම් නියමවී ඇත්තේ අප්‍රිකානු කැමරූන් රාජ්‍යය නයිජීරියානු බොකෝහරාම් සාමාජිකයන් 89 දෙනෙකුටයි.

ඔවුන් කැමරූන් රාජ්‍යයේ උතුරුදිග නයිජීරියානු දේශසීමාව ආසන්නයේ ත්‍රස්ත ප්‍රහාර රැසකට සම්බන්ධ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

කැමරූන් 2014 වසරේදී දැඩි ත්‍රස්ත මර්දන නීති හඳුන්වාදුන් අතර මරණ දඩුවම ද යළි පණගන්වනු ලැබුවා.

බොකෝහරාම් ත්‍රස්ත කල්ලිය සමග සම්බන්ධ බවට නයිජීරියාව පුද්ගලයන් 850 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් අතර ඉන් 89 දෙනෙකුටයි මෙලෙස මරණ දඩුවම පනවා ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories