UPDATE: ගුවන් අනතුරෙන් 61 දෙනෙකු මිය ගිය බව හෙළි වෙයි

Saturday, 19 March 2016 - 8:18

UPDATE%3A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+61+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

ඩුබායි සිට රුසියාවේ රොස්ටොව් - ඔන් - ඩොන් වෙත ගමන් ගත් ගුවන් යානයේ සිටි 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කළා.

මෙම යානයේ මගීන් 55 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සිට ඇති බවයි රොස්ටොව් හදිසි සේවා අංශ ප්‍රකාශ කළේ.

ගුවනා යානය රොස්ටොව් - ඔන් - ඩොන් ගුවන් තොටුපළට ගොඩ බස්සවන අවස්ථාවේදී යානය මෙලෙස අනතුරට පත්වූ බව සදහන්.

ගුවන් අනතුර පිළිබදව පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව මෙම මගී ජෙට් යානය නිෂ්පාදනය කළ බෝයිං සමාගම ද ප්‍රකාශ කළා.

-------------------------------------------------------------------------
ෆ්ලයි - ඩුබායි ගුවන් සේවයට අයත් මගී ජෙට් යානයක් දකුණුදිග රුසියාවේ රොස්ටොව් - ඔන් - ඩොන් නගරයට කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රුසියානු ඉටාර් - ටාස් ප්‍රවෘත්ති සේවය සදහන් කළේ මෙම යානය ඩුබායි සිට පැමිණ ඇති බවයි.

බෝයිං 738 වර්ගයේ මෙම මගී ජෙට් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories