වකුගඩු ජාවාරම ගැන සොයන්න ජාත්‍යන්තර පොලිසිය ?

Sunday, 20 March 2016 - 12:21

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%3F
ශ්‍රී ලංකාවේ ද සම්බන්ධයක් ඇති බව පැවසෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගැනීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානී අශෝක් කුමාර් යාදෙව්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම ජාවාරම සම්බන්ධ මුලික පරීක්ෂණ සිදු කෙරෙන්නේ.

ප්‍රධාන ජාවාරම්කරුගේ අනුදැනුම මත ඉන්දීය ජාතිකයන් 5 දෙනෙකුට වැඩි පිරිසක් වකුගඩු අලෙවි කිරීමට ශ්‍රී ලංකාවට ගොස් ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ මෙතෙක් සිදුකල පරීක්ෂණවලදී හෙළිකරගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුම්බායි නුවර සහ නවදිල්ලි නුවර විශේෂ විමර්ශණයක් ද ආරම්භ කර ඇතැයි සඳහන්.

එමෙන්ම මෑත කාලීනව වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට මුහුණ දුන් කිහිප දෙනෙකුගෙන් ද ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රශ්ණ කර ඇත්තේ ජාවාරම පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අරමුණින්.

එමෙන්ම මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයා ගවයන් අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුකරගෙන ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවාවල සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories