හැරී කුමරු නේපාලයට

Sunday, 20 March 2016 - 12:40

%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි හැරී කුමරු පස්දින සංචාරයක් සඳහා ඊයේ නේපාලයට පැමිණියා.

එරට රජය විසින් ඊයේ සන්ධ්‍යාවේ සංවිධාන කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් හැරී කුමරු කියා සිටියේ පසුගිය වසරේ ඇතිවූ විනාශකාරී භූ කම්පනයෙන් අනතුරුව නැගී සිටින නේපාල ජනතාවට තම ගෞරවය හිවන බවයි.

නේපාලයට ඒ සඳහා සහය වන ලෙස ලොවටම පණිවුඩයක් ලබාදීම තම සංචාමිරයේ අරමුණක් බව හැරී කුමරු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

බ්‍රිතාන්‍ය රාජකීය යුද හමුදාවේ සාමාජිකයෙකු ලෙස වසර 10 ක් තිස්සේ කටයුතු කළ හැරී කුමරු පසුගිය වසරේ ජූනි මාසයේ ඉන් විශ්‍රාම ලැබුවා.

බ්‍රිතාන්‍ය හමුදාව සමඟ ඇෆ්ගනිස්ථානයේ සේවය කර ඇති ඔහු නේපාල ගුර්කා බලකායේ සෙබළුන් සමඟද කටයුතු කර තිබෙනවා.

පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ නේපාලයේ, දෙවන එළිසබෙත් මහ රැජින, පිලිප් කුමරු, චාල්ස් කුමරු මෙන්ම ඩයනා කුමරියද සංචාරය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories