ඇමරිකා හමුදා කඳවුරු 5 කට පිලිපීනයේ එකඟත්වය

Sunday, 20 March 2016 - 12:43

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
ඇමරිකානු යුද කඳවුරු 5 ක් සඳහා තම රට තුළ ඉඩකඩ ලබාදීමට පිලිපීනය එකඟත්වය පළකර තිබෙනවා.

දෙරට අතර පසුගිය වසරේ ඇතිකරගත් ආරක්ෂක ගිවිසුමට අනුව එම කඳවුරු පිහිටුවීමටයි ඇමරිකාව සැළසුම් කර ඇත්තේ.

ඇමරිකානු නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම්වරිය වන ඇමී සීරයිට් මේ බව ප්‍රකාශ කළේ වොෂිංටනයේදී සිකුරාදා ආරම්භ වූ ඇමරිකානු - පිලිපීන ද්විපාර්ශවික ක්‍රමෝපාය සංවාදයට එක්වෙමින්.

මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් ලබන මාසයේ පිලිපීනයේ සංචාරයක නිරතවීමට සූදානම් බවද ඇය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories