පෝට් සිටි නව ගිවිසුමට අත්සන් තැබේ

Sunday, 20 March 2016 - 12:58

%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B7%8A
කොළඹ - වරාය නගර ව්‍යාපෘතියේ නව ගිවිසුමට අග්‍රාමාත්‍යවරයාගේ චීන සංචාරයට පෙර අත්සන් තැබීමට හැකිවනු ඇති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඊට අදාළ සාකච්ඡා සියල්ල අප්‍රේල් 7 වනදාට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

ව්‍යාපෘතිය සඳහා පැවති තහනම ඉවත් කර ඇති බැවින් අදාළ සමාගමට වරාය නගරය ඉදිකිරීමේ කටයුතු  ඕනෑම මොහොතක ආරම්භ කළ හැකියි.

එහෙත් නව කොන්දේසි 72 කින් යුත් ගිවිසුමේ ඇතැම් වගන්ති පිළිබඳව සමාගම සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories