සෝභිත හිමිගේ අපවත්වීම ඝාතනයක් ද ?

Monday, 21 March 2016 - 19:20

%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF+%3F
කෝට්ටේ -  නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ හදිසි අපවත්වීම සැකසහිත බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

උන්වහන්සේ එහිදී කියා සිටියේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවතුන් අතර සිටියදී තමන් වෙත හෙළිදරව්වක් සිදුකළ බවයි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් විද්වත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක  හිමියන් එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ද රජයෙන් ඉල්ලීමක් කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories