බෙල්ජියමේ - බ්‍රසල්ස් අගනුවර - රොක් සැවැන්ටම් ගුවන්තොටුපලේ පිපිරිම් දෙකක් සිදුව තිබෙනවා.
නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ පිපිරීමෙන් 11 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්ත ගොඩනැගිල්ලේ පිපිරීම් සිදුව ඇති බව සඳහන්.
ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇති අතර, පිපිරීමෙන් පසු කලබලයට පත් ගුවන් මගීන් දිව යන අයුරු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව වාර්තා කළා.
මේ වනවිට ගුවන් තොටුපලේ ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මෙම පිපිරීම සිදුවුණේ පුද්ගලයින් 130 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය වසරේ නොවැම්බර් 13 වනදා සිදුවු පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන දින 04 ක් ගතව තිබියදීයි.
කෙසේ නමුත්, අද (22) සිදුවු පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.
මේ අතර මීට ටික වේලාවකට පෙර බ්‍රසල්ස් අගනුවරට ආසන්නයේ පිහිටි උමං දුම්රිය ස්ථානයකද පිපිරීමක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම පිපිරීම් සිදුවන්නේ පුද්ගලයින් 130 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය වසරේ නොවැම්බර් 13 වනදා සිදුවු පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන දින 04 ක් ගතව තිබියදීයි.

Follow US
Most Viewed Stories