සුකීට ඇමති පදවියක්

Tuesday, 22 March 2016 - 13:08

%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B7%93%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා නොබෙල් සාම ත්‍යාගලාභී අවුන්සාන් සුකී එරට අමාත්‍ය මණ්ඩලයට නම් කර තිබෙනවා.

අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය පසුගිය මහමැතිවරණයෙන් මියන්මාර පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගත්තා.

එමගින් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනුණේ සුකීගේ පක්ෂයේ නායකයෙකු වන හිටින් කියව්.

අවුන්සාන් සුකීට මියන්මාර ජනාධිපති ධුරය දැරීමට නොහැකි පරිද්දෙන් පැවති හමුදාව රජය ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඊට හේතුවයි.

එහි දැක්වෙන්නේ දරුවන් හෝ කලත්‍රයා විදේශ රටක පුරවැසිභාවය ලබා ඇති අයෙකුට මියන්මාර ජනාධිපති ධුරය දැරිය නොහැකි බවයි.

අවුන්සාන් සුකීගේ සැමියා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන අතර, ඔවුන්ගේ දරුවන් ද බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය අද එරට පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අවුන්සාන් සුකී ද නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වන බවයි.

ඒ අනුව ඇයට ජනාධිපති කාර්යාල අමාත්‍ය ධුරය, විදේශ කටයුතු, විදුලිබල හා බලශක්ති මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ හිමි වනු ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories