අලූත්ගමදී දෙදෙනෙකු යටකර පලාගිය මෝටර් රථය හිඹුටානේදී අල්ලයි

Tuesday, 22 March 2016 - 14:13

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සැකකටයුතු සුඛෝපභෝගි මොටර් රථයක් සමග පුද්ගලයෙකු අද (22) අලූයම - අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ දී අලූත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

පොලීසිය පැවසුවේ පසුගිය දා අලූත්ගම දර්ගා නගරයේදි ත්‍රි රෝද රථයක් සහ ජීප් රථයක් අනතුරට ලක්  කර පළා ගිය මොටර් රථය මෙලෙස පොලිස්භාරයට ගත් බවයි. සි.සී.ටි.වි කැමරා ඔස්සේ ලබාගත් දර්ශන පරීක්ෂා කරමින් මෙම සැකකරු සහ මෝටර් රථය අත්අඩංගුවට ගත් බවද පොලිිසිය සදහන් කළා.

පසුගියදා දර්ගා නගරයේදි සිදු වු අනතුරෙන් එම ප්‍රදේශයේම පදිංචි අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත් වු අතර වයස අවුරුදු එකහමාරක් සහ අවුරුදු 12 ක් ඔහුන්ගේ දරුවන් බරපතල තුවාල ලැබුවා.

අත් අඩංගුවට ගත් සැකකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories