ගැබිණි මව්වරුන් 112ක් මිය යයි

Wednesday, 23 March 2016 - 10:40

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+112%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට ගැබිණි මව්වරුන් 112 ක්  පසුගිය වසරේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍යා අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය එළිදැක්වූ මාතෘ මරණ විමර්ශන වාර්තාවේයි ඒබව සදහන්ව ඇත්තේ.

මියගිය කාන්තාවන්ගෙන් සියයට 81 ක් ද්විතීය මට්ටමට වඩා අධ්‍යාපනය ලැබූවන් බව අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ගෙන් සියයට 75 ක් ග්‍රාමීය හෝ වතුකරයේ කාන්තාවන්.

ඔවුන් බහුතරයක් අඩු ආදයම් ලබන පවුල් වල පුද්ගලයින් බවද අනාවරණ වී තිබෙනවා.

එම  මාතෘ මරණ 112 න් 70 ක් වළක්වා ගැනීමට හැකියාව තිබුණද ප්‍රතිකාර කිරීමේ ප්‍රමාදය හේතුවෙන් රෝහල් තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 38ක්.

ගතවූ වසරේදී මාතෘ මරණ හේතුවෙන් දරුවන් 118 දෙනෙකුට මව අහිමි තිබෙනවා.

මාතෘ මරණ වලට ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන ඇත්තේ ශ්වසන රෝග - හෘද රෝග - ගබ්සා කිරීම් - රුධිර වහනය - කළල තරලයට ලේ මුසුවීම වැනි දේ බවයි අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories