පිල්ලෙයාන් යළි රිමාන්ඞ්

Wednesday, 23 March 2016 - 11:06

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන මස 6 වැනිදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු මඩකලපුව මහෙස්ත්‍රාත් එම්. ගනේෂරාජා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තොම්බර් මස 09 වැනිදායි.

මේ අතර, හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇප ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම ලබන මස පළමුවනදා මඩකලපුව මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories