බෙල්ජියම තුළ දින 3 ක ශෝක කාලයක්

Wednesday, 23 March 2016 - 11:19

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3+%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බ්‍රසල්ස් ගුවන්තොටුපලේ ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග බෙල්ජියම තුළ දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 250 ක්.

මේ අතර, ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයින් සිටින සී.සී.ටී.වී දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

ප්‍රහාරය සදහා තුන්දෙනෙකු පැමිණ ඇති අතර, ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පසු, පැමිණි අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා බෙල්ජියම පුරා සිදුකෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories