බෙල්ජියම් ප්‍රහාරයට හතරදෙනෙක් ඇවිත්

Thursday, 24 March 2016 - 8:13

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිදුවූ බෝම්බ පිපිරීම් තවත් ප්‍රහාර මාලාවක ආරම්භය බවට එරට බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කලේ පිපිරීම සඳහා සම්බන්ධ වූ එක් පුද්ගලයෙකුට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපලක සහ උමං දුම්රිය මාර්ගයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 31 දෙනෙකු සංඛ්‍යාවක් මියගොස් 300 දෙනෙකු තුවාල ලැබුවා.

ප්‍රහාර සඳහා පැමිණි හතරදෙනෙකු සී සී ටී වී කැමරා දර්ශන මගින් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු ප්‍රහාරයේදී මියගොස් තිබෙනවා.

ඉන් දෙදෙනෙකු සහෝදරයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

බෙල්ජියම් ප්‍රහාරයේ වගකීම අයි.එස්. සටන්කාමීන් පසුගියදා භාරගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories