ධම්මික රණතුංග දැඩි අවවාද මත මුදාහරී

Thursday, 24 March 2016 - 12:03

%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%BB%E0%B7%93
මාධ්‍යවේදීන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට අධිකරණය හමුවේ පෙනී සිටි  වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග දැඩි අවවාද මත මුදාහැරුණා.

කොළඹ මහාධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මොහුට නොතීසි නිකුත් කර තිබුණා.

ඒ අනුව අධිකරණයේ පෙනී සිටි ධම්මික රණතුංග රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය නියෝග කළේ.

අධිකරණය ඉදිරිපිට හැසිරෙන්නේ මෙසේ නම් වරාය අධිකාරිය තුළ සභාපතිවරයා හැසිරෙන ආකාරය පිළිබඳව සිතාගත හැකි බව මෙහිදී ප්‍රකාශ කළ විනිසුරුවරයා රටේ වැදගත් තනතුරක් හොබවන සහෝදරයා ගැන සිතා හෝ අධිකරණය ඉදිරිපිටදී වැදගත් ලෙස හැසිරීමට තිබූ බවයි සඳහන් කළේ.

ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වරාය අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේ කෙසෙල්වත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

සිද්ධිය වූ දිනයේදී සභාපතිවරයා ලබාගත් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප සහ දර්ශන මකා නැවත ඔහුගේ ජංගම දුරකථනය සැකකරුට ලබාදෙන ලෙස විනිසුරුවරයා කෙසෙල්වත්ත පොලිසියටද නියෝග කළා.

වරාය අමාත්‍ය අර්ජුණ රණතුංගගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංග මෙලෙස මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබුණේ සී.එස්.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංගගේ ඇප අයදුම්පත සළකා බැලූනු පසුගිය 16 වනදායි.

නඩු විභාගයෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වු වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග කියා සිටියේ අධිකරණයේ තීන්දුවට තමන් ගරු කරන බවයි.

වරාය අමාත්‍ය අර්ජුණ රණතුංගගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංග මෙලෙස මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබුණේ සී.එස්.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංගගේ ඇප අයදුම්පත සලකා බැලූනු පසුගිය 16 වනදායි.

මීට අදාළ නඩුව ලබන මැයි මස 28 වනදා යළි කැඳවීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories