නවසීලන්තයේ වැඩි කැමැත්ත පැරණි ධජයට

Thursday, 24 March 2016 - 15:19

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%B0%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7
නවසීලන්තයේ නව ජාතික ධජය තෝරා ගැනීම සඳහා පැවැති ජනමත විචාරණයෙන් එරට දැනට පවතින ජාතික ධජය තවදුරටත් තබාගත යුතු බවට ජනතාවගේ බහුතර කැමැත්ත හිමි වී තිබෙනවා.

දැනට පවතින ජාතික ධජය සඳහා 56.6% ක් කැමැත්ත පළ කර ඇති අතර, නිර්මාණය කරන ලද නව ධජයට හිමිව ඇත්තේ 43.2% ක කැමැත්තක්.

ඉදිරිපත් කළ නව ජාතික ධජය නිල් සහ කළු පසුබිමක රිදී පැහැති ෆර්න් නැතිනම් මීමන අත්තකින් සමන්විත වුණා. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය ජාතික ධජය සහ නිල් පසුබිමක රතු පැහැති තරු සහිත දැනට පවතින ජාතික ධජය තවදුරටත් නවසීලන්තයේ ජාතික ධජය ලෙස භාවිත කළ යුතු බවටයි මේ වනවිට වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories