අරගලය තවම අවසන් නැහැ - කුමාර් ගුණරත්නම්

Thursday, 24 March 2016 - 13:13

%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
තමා කොතනක කෙලෙස ජීවත්වූවත් ජනතාව වෙනුවෙන් සිදුකරන අරගල නතර නොකරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අද (24) අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ ඔහුට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි මෙම ප්‍රකාශය සිදුකළේ.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් අවසරයක් මතයි.

කුමාර් ගුණරත්නම් අධිකරණය හමුවේ අද පෙරවරුවේ විනාඩි 30 ක පමණ කාලයක් සාක්ෂි ලබාදී තිබෙනවා.

ඔහු එහිදී තමාට දේශපාලන වශයෙන් මුහුණදීමට සිදුවූ සිද්ධීන් මෙන්ම වෙනත් නම්වලින් විවිධ අවස්ථාවල පෙනී සිටීමට සිදුවූ කරුණු පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

තම ජීවිතයේ ආරක්ෂාව සඳහා මෙරටින් තමන් පිටව ගිය බවද ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු පක්ෂවලට එක් වී බුද්ධි සේවාවන් හරහා තමාව අනාවරණය කරගත් බවයි ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

ආගමන විගමන නීති උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගැනුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශ කිරීමට නියමිතයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories