යළිත් විටින් විට විදුලිය කැපීම්

Friday, 25 March 2016 - 7:39

%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (24) දිනයේත් විදුලිය බිඳ  වැටීම් වාර්තා වුණා.

මාතලේ, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවල එවැනි බිඳ වැටීම් සිදුවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. ඒ පිළිබඳව අප කළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සඳහන් කළේ ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය පහත වැටීමත් සමග මෙවැනි කෙටි විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවයි.

මේ වනවිට දිවයිනේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල පවතින්නේ සියයට 40ක පමණ ධාරිතාවක්.

මේ හේතුවෙන් විදුලිය තවදුරටත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසයි විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

බියගම සහ මිනුවන්ගොඩ - කොටුගොඩ ට්‍රාන්ස්පෝමර පිපිරීම් මෙන්ම නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් වාර්තා වුණා.

එහෙත් මේ වනවිට නොරොච්චෝලේ බලාගාරය පූර්ණ සක්‍රිය තත්ත්වයට පත්ව තිබෙනවා.

කෙසේ නමුත්, දෙවැනි විශාලතම විදුලි ප්‍රභවය වන ජල විදුලි උත්පාදනය පහත වැටීම හේතුවෙන් මෙරට විදුලිය සැපයීම් අඛන්ඩව පවත්වා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

විශේෂයෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම කැපී පෙනෙන ලෙස පහත වැටීම නිසා ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය විදුලිබලාගාරවල ජල විදුලි නිෂ්පාදනයට බලපෑම් එල්ල වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories