විදුලිබල මණ්ඩලයේ, සැලසුම් දෙපාර්තමේන්තුව වෙනස් වේ

Sunday, 27 March 2016 - 8:33

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
ලංකා  විදුලිබල මණ්ඩලයේ සැලසුම් දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට අවධානය යොමු වී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ පවතින අර්බුදකාරී තත්වය අවසන් වු වහාම එය ක්‍රියාත්මක කරන බවයි.

විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරීවරයා ඉවත් කළ යුතු බවට පළ වු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද අප ඔහුගෙන් කරුණු විමසුවා.

ඔහු කියා සිටියේ එය සත්‍යතාවක් නොමැති බවයි.

මේ අතර, විදුලි ශ්‍රමදාන සතිය අනුරාධපුර පූජා නගරයේ දී ඊයේ ආරම්භ වුණා.

එම අවස්ථාවට එක්වු විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ සමස්ත විදුලිබල පද්ධතියේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් මෙම සතිය තුළදී විශේෂ අවධානයක් යොමු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories