රාගම සහ මහඔය රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

Sunday, 27 March 2016 - 13:45

%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%94%E0%B6%BA+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රාගම සහ මහඔය ප්‍රදේශවලදී අද අලූයම සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කුරුකුලාව - රාගම මාර්ගයේ කුරුකුලාව දේවස්ථානය අසලදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්  එහි පිටුපස ගමන් කළ 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එය පැදවූ පුද්ගලයා මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රාගම පොලීසිය සඳහන් කළේ.

මහඔය - ටැම්පාන - අබේලන්ද ප්‍රදේශයේදී අනෙක් අනතුර සිදුවුණේ මහඔය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාපැදියක ගැටීමෙන්.

අනතුරෙන් පාපැදිකරු ජීවිතක්ෂයට පත්වූ අතර යතුරුපැදිකරු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරෙන් මියගියේ අබේලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories