බස් වලට ගල්ගැසූවේ විනෝදයටලු

Sunday, 27 March 2016 - 15:33

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7%E0%B6%BD%E0%B7%94
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බස් රථවලට ගල් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමයින් 3 දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථ 3කට කිසියම් පිරිසක් විසින් මිල්ලනිය ප්‍රදේශයේදී ගල් ගසා තිබුණේ පසුගිය සිකුරාදා රාත්‍රියේයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකකට සහ පෞද්ගලික බස් රථයකටයි මෙලෙස ප්‍රහාරය එල්ල වී තිබුණේ.

ළමයින් තුන්දෙනාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් විනෝදයට බස් රථවලට ගල් ගසා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories