ප්‍රදේශ රැසකට අද වැසි

Monday, 28 March 2016 - 7:21

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද දිනයේදී උතුර - නැගෙනහිර ඇතුලු පළාත් කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයටද වැසිවාර කිහිපයක් අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව නිකුත් කල කාලගුණ අනාවැකියේ සදහන්.

පස්වරු 2 න් පසුව සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං  තත්වයක්  වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව සදහන් කලේ.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇතිවනවා.

දිවයින වටා සෙසු  මුහුදු ප්‍රදේශවල  පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.

සුළං වේගය විටෙක  පැයට කිලෝ කිලෝ මීටර්50 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ අනාවැකියේ සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories