වියළි කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක 6කට පානීය ජල අර්බුදයක්

Monday, 28 March 2016 - 8:03

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+6%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හමුවේ කළුතර, මාතර, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාව පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටිනවා.

කළුතර සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක නළ ජලය ලබාගන්නා මූලාශ්‍රවලට මුහුදු ජලය එක්වීම නිසා ජනතාව දැඩි අසීරුතාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, වියළි කාලගුණයත් සමඟ ජලයට කෘෂි රසායනික ද්‍රව්‍ය එක්වීම නිසා අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාව ද  පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ.

එහි සභාපති ඒ සී එම් සුල්ෆිකාර් කාදර් සඳහන් කළේ ඊට අදාළව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම බවුසර් මාර්ගයෙන් ජනතාවට ජලය ලබාදීම ද සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, මුහුදු ජලය මිශ්‍රවීම නිසා වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ මාතර - වැලිගම හා වැලිපිටිය යන ප්‍රදේශවලටයි.

එම ප්‍රදේශවල පවුල 3000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි වැලිගම ජල සම්පාදන මණ්ඩලයේ ස්ථානභාර නිලධාරී ඉන්දික ඉලේපෙරුම සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories