විදුලිය කැපීමේ කාලසටහනක් නිකුත් වූයේ අත්වැරදීමකින්ලූ

Tuesday, 29 March 2016 - 15:09

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%96
වසර 2020 වන විට මෙගවොට් 400ක විදුලි අතිරික්තයක් පවත්වා ගැනීමට සැලසුම් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

විදුලිබල අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රටේ වත්මන් විදුලි අර්බුදය පිළිබද අදහස් දක්වමින්.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා විදුලි වාසනා නමින් තරඟයක් ලබන මස සිට ආරම්භ කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. ඒ සඳහා තරඟකරුවන් තෝරා ගැනෙන්නේ විදුලි පාරිභෝජනය අඩු කරන පාරිභෝගිකයන් අතුරෙන්.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට විදුලිය කැපීමේ කාලසටහනක් ඊයේ නිකුත් වූයේ අත්වැරදීමකින් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories