හිටපු ඇමති ජී.එල්.ගෙන් ප්‍රශ්න කිරීමට යයි

Thursday, 31 March 2016 - 14:00

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යාපනය - චාවකච්චේරි - මරවන්පුලව් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස්ගෙන් ප්‍රශ්න කළ යුතු බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිද සහභාගි වූ කොළඹ අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, මෙම සිද්ධිය පිළිබඳව අද පැවති උත්සව සහ මාධ්‍ය හමුවලදීද කතාබහට ලක්වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳව අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්.

මෙලෙස පුපුරණ ද්‍රව්‍ය හමුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අද පොලිස් මූලස්ථානයට පැමිණි සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කියා සිටියා.

කොළඹ අද (31) පැවති තවත් උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන්ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතු අතර, ජී.එල්.පීරිස් හිටපු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය යුතු බව එහිදී ඔහු කියා සිටියා.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පැවති මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය සුපිරි ප්‍රකාශයක් බවයි.

ඔහුගේ ඇතැම් ප්‍රකාශ වගකීම් රහිත බවද ඔහු එහිදී කියා සිටියා.

අදාළ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ පුපුරණ ද්‍රව්‍ය තොගය කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒමට සැලසුම් කර තිබූ බවටයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්ව සිටි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස්ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories