හූ කියන්නේ වැඩ බැරි අයලු

Friday, 01 April 2016 - 8:04

%E0%B7%84%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B6%BD%E0%B7%94
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රබල අභියෝගය සියලූ ජනතාවගේ සහය ලබා ගැනීම බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා.

ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (31)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට විවිධ ප්‍රදේශවල පැවති රැස්වීම් කිහිපයකදී හූ හඬ නගමින් විරෝධය පළ කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු ආණ්ඩුකාරවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ කිසිදු අදහසක් ප්‍රකාශ කළ නොහැකි පිරිස් හූ කියන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories