හැට්න් රිය අනතුරක් මෝටර් රථයේ කැමරාවක පටිගත වෙයි

Friday, 01 April 2016 - 10:08

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හැට්න් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී වාහන තුනක් ගැටීමෙන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ඇතුලත් කර ඇත්තේ කොටගල රෝහලටයි. අද පෙරවරු 7 යි 30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

කොටගල සිට හැට්න් දක්වා ධාවනය වු ලොරි රථයක් මෝටර් රථයක සහ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පෞද්ගලික බස් රථය කොටගල සිට හැට්න් දක්වා ඇගලුම් කර්මාන්ත ශාලාවකට සේවකයන් රැගෙන යන එකක් බව සඳහන්.

තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරා / එහි ගමන් කල තරුණියන් 4 දෙනෙකු සහ ලොරියේ රියදුරා ද වනවා.

මෙම අනතුර සිදුවන ආකාරය අනතුරට ලක්වු මෝටර් රථයේ තිබු කැමරාවක මෙලෙස සටහන් වී තිබුනා.








ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories