නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් 10 කට වැඩ වරදී

Friday, 01 April 2016 - 13:30

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
විනය කමිටුව හමුවට නොපැමිණි පළාත් පාලන ආයතන ප්‍රධානීන් දස දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව නිදහස් පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

මොවුන් විනය කමිටුව හමුවේ පෙනී නොසිටීම නිසා පක්ෂයෙන් හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි මහ ලේකම්වරයා සඳහන් කළේ.

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල, මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් නන්දසිරි රණතුංග සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු රංජිත් ගුණවර්ධනට පසුගිය 29 වනදා විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණේ පක්ෂ විනය උල්ලංඝනය වන අයුරින් හැසිරීම හේතුවෙන්.

එසේම මොරටුව නගර සභාවේ සමන් ලාල් ප්‍රනාන්දු, මාතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කපිල බණ්ඩාර, උකුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන්ත ධර්මසේනට විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත්, ඔවුන්ද ඊට සහභාගි වී නැහැ.

මේ නිසා මෙම පිරිස පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළා.

එසේම, ඒකාබද්ධ විපක්ෂය හයිඞ් පිටියේ පැවැත්වූ රැස්වීමට සහභාගි වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ දැයි අප නිදහස් පක්ෂ මහලේකම්වරයාගෙන් ප්‍රශ්න කළා.

එහිදී ඔහු කියා සිටියේ ඉදිරියේදී රැස්වන මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories