බස් වර්ජනයට තවත් මාර්ග රැසක් එක්වෙයි

Saturday, 02 April 2016 - 10:05

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව මාර්ග අංක 125 පාදුක්ක - පිටකොටුව පෞද්ගලික බස් සේවකයන් ආරම්භ කළ වර්ජනයට සහාය දක්වමින් තවත් මාර්ග රැසක් ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

පාදුක්ක පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති තුෂාර පීරිස් සඳහන් කළේ ඉහළ බොපේ - මහරගම, මීපේ - පාදුක්ක, වග - පාදුක්ක යන මාර්ගවල පෞද්ගලික සේවකයින් ද වර්ජනයට සහාය පළ කරමින් ධාවනයෙන් ඉවත් වී ඇති බවයි.

හෝමාගම ඩිපෝවේ නිලධාරියෙකු පනාගොඩ ප්‍රදේශයේදී පිරිසක් සමඟ පැමිණ අදාළ රියදුරාට පහර දීමේ සිද්ධියට අදාළව කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම මෙම වර්ජනයට හේතුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories