තමිල්නාඩුවෙන් ඉල්ලීමක්

Sunday, 03 April 2016 - 7:55

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හින්දු අලූත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය පොන් රාධාක්‍රිෂ්ණන් ඉල්ලීමක් කළා.

චෙන්නායි නුවර ඊයේ පැවති පක්ෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

තමිල්නාඩු ධීවරයින් 90 දෙනෙකු සහ ධීවර බෝට්ටු 80 ක් මේ වනවිට මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එම ධීවරයින් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද ඔහු එහිදී තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමේෂ්වරම් සහ මන්ඩපම් ප්‍රදේශවල ධීවරයින් දින විස්සක කාලයක සිට ධීවර කටයුතුවලින් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරතවනවා.

මේ අතර තමිල්නාඩු පාඨලී මක්කල් පක්ෂයේ නායක එස්. රාම්දාස් ප්‍රකාශ කලේ ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු මෙරට රඳවාගෙන සිටියදී ඉන්දීය රජය ශ්‍රී ලාංකික ධීවරයන්ට ධීවර බෝට්ටු සහ උපකරණ ලබාදීම පිළිගත නොහැකි කරුණක් බවයි.

ශ්‍රී ලාංකීය ධීවරයන්ට ධීවර බෝට්ටු 150 ක් සහ ධීවර උපකරණ පසුගියදා ඉන්දියාවේ අනුග්‍රහයෙන් ලබාදී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි හතරහමාරක් වැය කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories