ලියනාඩෝ ඩි කැප්රියෝට ඉන්දුනීසියාව තහනම් ?

Sunday, 03 April 2016 - 9:15

%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%9D+%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%3F
ඉන්දුනීසියාවේ සංචාරයක නිරතවෙමින් එරට පාම් ඔයිල් කර්මාන්තය විවේචනය කිරීම හේතුවෙන් සුප්‍රකට හොලිවුඞ් නළු ලියනාඩෝ ඩි කැප්රියෝට නැවතත් එරටට පැමිණීමට නොහැකි පරිදි අසාදු ලේඛනගත කිරීමේ අවදානමක් මතුව තිබෙනවා.

කැප්රියෝ ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ගුවාම් ලෙව්සර් ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවීමෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ පාම් ඔයිල් කර්මාන්තය සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම එරට වනජීවීන් අනතුරට ලක් කරන බවයි.

ලොව ජෛව විවිධත්වය ඉහළින්ම පවතින ඉන්දුනීසියානු සදාහරිත වනාන්තර පිළිබඳව ලියනාඩෝ ඩි කැප්රියෝ මෙම ප්‍රකාශය සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය තම රජය සහ ඉන්දුනීසියානු පාම් ඔයිල් කර්මාන්තය අපකීර්තියට පත් කිරීමේ ප්‍රකාශයක් ලෙසයි එරට රජයේ ඇතමුන් හඳුන්වා ඇත්තේ.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවට හිමි සම්මානය හිමිවුණේද ලියනාඩෝ ඩි කැප්රියෝටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories