ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Sunday, 03 April 2016 - 10:07

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මණ්ඩපම් වෙරළාසන්නයේදී මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණීමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 2011 වසරේදී ඉන්දියාවට ගොස් ඇති අතර, වීසා කල් ඉකුත්වීමෙන් පසුවද එහි රැඳී සිට ඇති බවයි ඉන්දීය පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

අහමඩ් ඉක්බාල් නැමති මහනුවර පදිංචි 38 හැවිරිදි මෙම පුද්ගලයා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සෙල්වරාජ් නැමැත්තෙකුට ඉන්දීය රුපියල් 15 000 ක මුදලක්ද ලබාදී තිබෙනවා.

එලෙස ඔහු මුදල් ලබාදුන් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි තමිල්නාඩු පොලීසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories