EPRLF කණ්ඩායම ඊළම සහ විමුක්තිය ඉවත දමයි

Sunday, 03 April 2016 - 13:03

EPRLF+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%8A%E0%B7%85%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
සන්නද්ධ කල්ලියක් ලෙස ක්‍රියාත්මක වී දේශපාලනයට පිවිසි  ශ්‍රී ලංකාවේ පැරණිතම දෙමළ දේශපාලන කණ්ඩායමක් වන ඊ.පී.ආර්.එල්.එෆ්. හෙවත් ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ සිය පක්ෂ නාමයෙන් ඊළාම් සහ විමුක්ති යන වදන් ඉවත් කිරීමට සැරසෙනවා.

එහි නව පක්ෂ නාමය ලෙස යෝජනාවී ඇත්තේ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන්නයි.

වාමාංශික අදහස් සහිත ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය 1981 වර්ෂයේදී බිහිවූ අතර, නිදහස් ඊළාම් රාජ්‍යයක් මෙරට පිහිටුවීමේ අරමුණින් වසර ගණනාවක් කටයුතු කළා.

එක් අවස්ථාවකදී ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟද එක්ව කටයුතු කර තිබෙනවා.

පසුව ඔවුන් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වී මැතිවරණවලටද ඉදිරිපත් වුණා.

කෙසේ නමුත් 1989 වසරේදී මෙරට උතුරු - නැගෙනහිර ඉන්දීය හිතවාදී වර්ධරාජා පෙරුමාල් පරිපාලනය හේතුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය වෙත ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කළා.

1990 වසරේදී ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ ඉහළ පෙළේ නායකත්වය තමිල්නාඩුවේ චෙන්නායි හිදී ඝාතනයට ලක්වුණා.

ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය කණ්ඩායම් දෙකකට වෙන්වූ අතර, එහි එක් කණ්ඩායමක් දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වී සිටිනවා.

සිය නායක කේ. පද්මනාභ ඝාතනයට ලක්වීමෙන් පසු ඇතිකරගත් ඊ.පී.ආර්.එල්.එෆ්. පද්මනාභ කණ්ඩායමය මෙලෙස සිය පක්ෂ නාමය වෙනස් කිරීමට තීරණය කර ඇත්තේ.

ඔවුන් මේ වනවිට යාපනයේ සිය දේශපාලන කටයුතු ආරම්භ කර ඇති අතර, බටහිර රටවල සිටින සාමාජිකයන්ද එම රටවල දේශපාලන කටයුතුවල නිරතවන බව ඉන්දීය අයි.ඒ.එන්.එස්. ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.

ඊ.පී.ආර්.එල්.එෆ්. දේශපාලන පක්ෂය සිය පක්ෂ නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇත්දැයි අප කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ එවැනි ඉල්ලීමක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories